මිලියන 5ට වැඩි වැරදි ගැන පොලිස්පති ගත් අලුත්ම තීරණය


රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත (05) දින දැනුම් දි ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මුලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත විද්‍යුත් පණිවිඩ යොමු කරමින් එම නියෝගය ලබා දි ඇත.

මේ අනුව දේපල සොරකම් කිරිම , බලෙන් ලබා ගැනිම , කොල්ලකැම , සාපරාදි සාවද්‍ය පරිහරණය , සාපරාදි විශ්වාසය කඩකිරිම , වංචා කිරිම , අනර්තය ඒ සහ සම්බන්ධ ලැබි ඇති වෙනත් වැරදි , ලක්ෂ 50 ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මුලස්ථානයේ ආපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිම සිදු කල යුතුය.

 



Recommended Articles