මිලියන 350ක් වටිනා නීතිවිරෝධීව ගෙන ආ භාණ්ඩ


ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ "පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස්" ලෙස රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම ශාඛාවේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 06/06 දින අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

ඉකුත් මැයි මස 13 දින කොළඹ චැතම් වීදියේ ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙනැවිත් තිබූ මෙම අඩි 40 ක් දිග බහාලුම 06/06 දින පස්වරු 04.00 ට විවෘත කර පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන් , ඒ තුළ රුපියල් මිලියන 40 ක් පමණ වටිනා  කොටස් වලට ගලවා තිබූ  ඇලියොන් සහ ප්‍රියස් මෝටර් රථ 03 ක් තිබුණි .

මීට අමතරව රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සුවද විලවුන් රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, ඔලිව් තෙල් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි විශාල තොගයක් ද තිබී මෙම රේගු නිලධාරීන් විසින් අත්  අඩංගුවට ගෙන තිබේ  .

මෙසේ රේගු නිලධාරීන්ට ප්‍රකාශ නොකර මේ ආකාරයට ගෙනැවිත් ඇති භාණ්ඩ තොගය නිසා , ශ්‍රී ලංකා රජයට අහිමි වන බදු ආදායම රුපියල් කෝටි 22 ක් බව සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

 


              



Recommended Articles