මිලියන 33කට අධික කේරළ ගංජා අල්ලයි


රුපියල් මිලියන 33 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක් මන්නාරම වැලිපර ප්‍රදේශයේ ඌරුමලෙයි මුහුදු වෙරල ප්‍රදේශයේ ගොඩගසා තිබියදී ඊයේ  (10දා)  සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම වැලිපර ඌරුමලෙයි මුහුදු වෙරල ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී පළමුව උර 24 කට අයත් කේරල ගංජා කිලෝ 105 ක්ද  පසුව තවත් කිලෝ 8 ග්‍රෑම් 280 ක ප්‍රමාණයක් මුහුදු වෙරලේ ගොඩගසා තිබියදී සොයාගනු ලැබීය.

මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙනවිත් නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා මෙලෙස මුහුදට පලා යන්නට ඇතැයිද නාවික හමුදාව සැකපල කොට සිටියි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පොලීසියට භාරදීමට පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



Recommended Articles