මිලියන 140 මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් පොත් සමග කාන්තාවක් අත්අඩංගුවට


රුපියල් මිලියන 140 කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම්  පොත් හතක් සන්තකයේ තබාගෙන සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කප්රුවෙක් වන අත්තිඩියේ මර්වින්   ජානාගේ  ඥාති සහෝදරියක් බොරලැස්ගමුවේ දී පෙරේදා 24අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි

  මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන  සුඛෝපභෝගී    මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට සිටින මර්වින්  ජානාගේ මත්කුඩු ජාවාරම ද මෙම සැකකාරිය සිදුකරන බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත

 බොරලෙස්ගමුව දේවාල මුල්ල ප්‍රදේශයේ පදිංචි එම සැකකාරියගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සුවෙන් මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය  කියයි

සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය 

 දෙහිවල පොලිසිය  පරීක්ෂණ පවත්වයි



Recommended Articles