මිල්කෝ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නිවාස අඩස්සියිට ගත් සේවකයන් 13ක් අත්අඩංගුවට


මිල්කෝ ආයතනය සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 3 කොල්ලුපිටිය ගාලු පාරේ ප්‍රධාන කාර්යාලයේ   6 වන මහලේ සිරකරගෙන සිටි සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි

සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඊයෙ 25 එහි රැස්ව සිටියදී  එම ස්ථානයට කඩා වැදුණු වෘතීය සමිති සාමාජිකයන් පිරිසක් දීමනාවක් සම්බන්ධව කරුණු මූලික කර ගෙන මෙම පිරිසට පිටවී යාමට ඉඩ නොදී එම මහලේ රඳවාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ කොල්ලූපිටිය  පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩාගෙන එමස්ථානයට ගොස් එම පිරිස මුදා ගෙන  ඔවුන් රඳවා ගෙන සිටි පිරිස අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

 



Recommended Articles