පාන් පිටි මිල වැඩි කිරිම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් වැඩි කලද සමහර බේකරිවල හදන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විම මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව හැටන් පාරිභෝගිකයෝ පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමන්ය පාන් ගෙඩියක බර ප්රමානය ග්රෑම් 450ක් වියයුතු වුවත් හැටන් ආශ්රිත බොහෝ ප්රදේශවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය තුල නිසි බර ප්රමාණය නොමැති බවත්ය.
මෙකි සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩියේ බර ග්රෑම් 350ත් 400ත් වන අතර මෙම තත්වයන් මත වැඩි මුදලක් ගෙවා පාන් මිලදි ගත්තද එහි නිසි බර ප්රමාණයන් නොමැති විමෙන් තමන් දුෂ්කර තත්වයන්ට පත්වන බවත්ය.
පිටි මිල රුපියල් 17කින් වැඩි කල විගස පාන් ගෙඩියේ මිල රුපියල් 10කින් වැඩි කිරිමට කටයුතු කරන බේකරි සංගම් ඇතුළු බේකරි හිමියන් පාන් ගෙඩියේ බර ප්රමාණය පිලිබදවද නිසි අවධානය යොමු කල යුතු බවද එම පිරිස් පවසති.
පාන් ගෙඩියේ මිල වැඩි කරමින්ද පාන් ගෙඩියේ බර අඩු කරමින්ද ජනතාව ගසා කන මෙම බේකරි පිලිබදව පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දැඩි අවදානය යොමු කල යුතු බවත් නිසි බර ප්රමාණයට අඩුවෙන් පාන් නිපදවන බේකරිවලට එරෙහිව නිසි ක්රියා මාර්ග ගැනිමට එම නිලධාරින් ක්රියා කල යුතු බවද එම පිරිස වැඩි දුරටත් පවසන ලදි.
චන්ද්ර සෙල්ලහේවා

