මිල වැඩි කළත් CPC තවමත් පාඩුයි


ඉන්ධන මිල පසුගිය 18 දා වැඩි කළත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මිල වැඩි කළද ඩීසල් හා පෙට්‍රල් තවමත් අලෙවි කරන්නේ අලාභයට බවත් භූමිතෙල් ලිටරයක පිරිවැය 313ක් වුවත් අලෙවි කරන්නේ රුපියල් 87 ට බවත් ඔහු ප්‍රකාශ කළේය.

රුපියල අවප්‍රමාණය වීම හා බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අලාභය වර්ධනය වන බවත් ඔහු පැවැසිය.  අප්‍රේල් 18 මිල වැඩිකිරිමට පෙර ලංකා ඛණිජතෙල් සංස්ථාව දෛනිකව ලැබූ අලාභය රුපියල් මිලියන 1613ක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles