මියන්මාරයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට  රැගෙන , මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයක් අද (16) දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මියන්මාර ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් 8එම්.- 611 දරන විශේෂ ගුවන් යානය මියන්මාරයේ , යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණය කිරීමට ලක් කළ අතර , ඔවුන් අතර කොරෝනා ආසාදිත රෝගීන් සිටී දැයි විමසා බැලීමක් ද සිදු කෙරුණි .

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් කැදවා ගෙන යනු ලැබීය .

 



Recommended Articles