මියන්මාරයේ විපතට පත් ජනතාවට ලංකාවෙන් තේ ටොන් එකක්


මියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.

කොළඹ සිටින මියන්මාර තානාපති හන් තු මහතා 2023 ජූලි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතින් මෙම ලංකා තේ තොගය භාර ගත්තේ ය.

ශ්‍රී ලංකා රජය මෙම පරිත්‍යාගය හරහා පළ කළ සහයෝගීතාව වෙනුවෙන් මියන්මාර රජය සිය අවංක ස්තුතිය පළ කරන බව තානාපති හන් තු මහතා ප්‍රකාශ කළ අතර දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද යළිදු අවධාරණය කළේ ය.

 



Recommended Articles