මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි


මේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.

මෑතකදී එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සංචාරය කළ මියන්මාර ජාතිකයන් දෙදෙනෙක් මෙසේ කොවිඩ් 19 පරීක්ෂණයෙන් ධනාත්මක වී තිබේ.

මියන්මාරය පසුගිය සතියේ තම දේශ සීමා වසා දැමූ අතර එළඹෙන බෞද්ධ අලුත් අවුරුද්ද ඇතුළු මහජන රැස්වීම් තහනම් කළේය.

රජයේ ප්‍රකාශක සැව් හ්ටේ මේ මස මුලදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ “මියන්මාර පුරවැසියන්ගේ ජීවන රටාව සහ ආහාර රටාව” වෛරසයෙන් රට ආරක්ෂා කර ඇති බවයි.



Recommended Articles