මියන්මාර හිමිවරු 70ක් පාද යාත්‍රාවක් සඳහා මෙරටට වඩිති


ශ්‍රී ලංකාවට බුරුම දේශයෙන් (මියන්මාරය) උපසම්පදාව රැගෙන විත් සහ ශ්‍රී ලංකාවේ සියම් මහා නිකාය ආරම්භ කර  වසර 270 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තය , ලාඕසය සහ මියන්මාරයෙන් භික්ෂූන් වහන්සේලා 70 දෙනෙකු පාද යාත්‍රාවක් සදහා අද (11දා) කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩමකර තිබේ .

මෙම භික්ෂූන්වහන්සේලා පිරිස ගම්පහ , කොළඹ , කුරුණෑගල , දඹුල්ල , අනුරාධපුරය , පොළොන්නරුව , මහනුවර සහ ශ්‍රී පාදස්ථානය ආවරණය වන පරිදි  මාසයක කාලයක් පාද යාත්‍රාවක නිරත වීමට නියමිතය .

එහිදී එම භික්ෂූන්වහන්සේලාට මුණ ගැසෙන ගම් නියම් වල වාසය කරන ගම්වැසියන්ට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කිරීමට ද නියමිතය .

මෙම පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ , ලොබි ශාලාවේ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබුණි .

 



Recommended Articles