මිනුවන්ගොඩදි දෙදෙනෙකුට වෙඩි තබයි


මිනුවන්ගොඩ පොලිස් වසමේ බැස්ටියන් මාවත ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන්  පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

ඊයේ සවස් කාලයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල මාරු කර තිබේ.

තුවාලකරුවන් අවුරුදු 33 හා 43ක් වන හීනැටියන පදිංචිකරුවෙන් වෙයි. වෙඩි තැබීම සඳහා ටි. 56 ගිනි අවියක් භාවිත කර ඇතැයි පොලීිසිය පවසයි. 



Recommended Articles