මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියල්ලන්ටම PCR පරීක්ෂණ


කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිතය.

ඉන් අනතුරුව දිවුලපිටිය කොවිඩ් ආසාදිතයාට කොවිඩ් 19 ආසාදනය වූ අයුරු පිළිබඳව තහවුරුවක් ලබා ගැනීමට සෞඛ්‍ය අංශ අවධානය යොමුකර තිබේ.

 



Recommended Articles