මිනිස් පරිභෝජනයට නොගැළපෙන ලෙස රැගෙන ගිය ආහාර තොගයක් විනාශ කෙරේ


හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරීන් විසින් අද (18) දින සිදුකරන ලද වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන අයුරින් රැගෙන ගිය අයිස් ක්‍රිම් පැකට් තොගයක් සහ නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසුරුම්කර තිබු ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී සිදුකල හදිසි වැටලීමකදී අත්‍යාවශ්‍ය සේවාවන්හි යෙදිමින් සිටි වාහන  දෙකක් පරික්ෂ කිරීමේදී මෙම අයිස් පැකට් තොගය සහ ජලබෝතල් තොගය හමුවී තිබේ .

සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරීන්ගේ භාරයගත් සියලු ආහාර   ද්‍රව්‍ය අදාළ වෙළන්දන්ගේ කැමැත්ත මත සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරීන් විසින් විනාශ  කිරීමට පියවර ගන්න ලදී .

රාහුල් සමන්ත



Recommended Articles