මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්


නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනය වූ වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා තමන්ට මරණ තර්ජන ඇති බවට සඳහන් කරමින් පොලිස්පතිවරයාට පසුගිය මස 9 දා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අදාළ ලිපිය අනුව ඔහුට ආරක්ෂාව ලබාාදෙන ලෙස සඳහන් කරමින් පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව පොලීසිය කියයි.

ඉන් අනතුරුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ලිපිය මාතර හා හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබූ බවත් පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා යොමුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවයි.

ඉන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා මිදිගම ස්ථානාධිපතිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

ඉහළ සිට පහළට උපදෙස් දී තිබුණත් වැලිගම සභාපතිවරයා පසුගියදා සභාව තුළදීම වෙඩි තබා ඝාතනය කළේය.



Recommended Articles