මිද්දෙනියේ වෙඩි තැබිමකින් යුවලකට තුවාල


මිද්දෙණිය ගල්පොත්තායාය ජුලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ඊයේ (21) රාත්‍රි වෙඩි තබා පලාගොස් ඇතැයි මිද්දේණිය පොලීසය කියයි.

වෙඩි තැබිමෙන් යතුරු පැදිකරු  තුවාල ලබා ඇති අතර, යතුරු පැදිය පෙරළීමෙන් යතුරු පැදියේ පසු පස ගමන් ගත් කාන්තාව තුවාල ලබා මිද්දේණිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතීකාර සදහා ඇඹ්ලිපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.

වෙඩි වැදිමෙන් තුවාල  ලැබු පිරිමි පුද්ගලයා වයස අවුරුදු 42  ක් වන අතර,කාන්තාව වයස අවුරුදු 40 ක් වන පුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකී.

තුවාලකරුවන් ඔවුන්ගේ වෙළදසැල වසා දමා යතුරු පැදියෙන් නිවසට යමින් සිටියදී මෙම  වෙඩි වැදිම සිදුව තිබේ. සැකකරුවන් වෙඩි තැබිමට රෑගෙන  එන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවිය වෙඩි තැබිම සිදු කළ ස්ථානයේ දමා පලා ගොස් ඇත.සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි. මිද්දේණිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.



Recommended Articles