මිද්දෙණියේ ද්විත්ව ඝාතනයක්


මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබේ. අද (25) උදෑසන වෙඩිතැබීම සිදුව ඇති අතර විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීමට හේතුව හෝ වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවන බව පොලීසිය කියයි.

 



Recommended Articles