මිථ්‍යා මත දරණ අයට රෝග සුව කරන්න බෑ


මිථ්‍යා මත දරණ පුද්ගලයින්ට රෝග සුව කිරීමේ හැකියාවක් නොමැති බවත් මේ නිසා රෝගාබාධයක් වැළඳුනු පසු පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රෝගාබාධයක් වැළඳුණු පසු සමහර පිරිස් මිථ්‍යා මත දරන්නන් ළඟට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බවත්, මේ නිසා පසුගිය කාලයේ රට තුළ විවිධ ගැටලු ඇතිවූ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රට තුළ බටහිර වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් හා හොමියෝපති වෛද්‍යවරුන් සිටින බවත්, රෝගාබාධවලට ප්‍රතිකාර කරන්නේ මෙම පිරිස් බවත් පවසා සිටියේය.  



Recommended Articles