මිගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත්කුඩු ඡාවාරම


මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.‍

40 හැවිරිදි  සැකකරුවෙකු  සීදූව ධීවර තොටුපළ මාර්ගයේදී හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් 400 ක් සමග ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මෙම මත්කුඩු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත. 

එම තොරතුරුවලට අනුව සිදුකළ වැටලීමකදී මීගමුව බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවූ රැඳවියාගේ නිවසේ තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න ප‍්‍රමාණයක් සමග ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

 



Recommended Articles