මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10)  දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද  දින සවස 4.12 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන්   ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමට ලක් කෙරුණි .

ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගීන්ගේ කොරෝනා ආසාදිත තත්ත්වයන් තිබේදැයි විමසා බැලීමක් ද සිදු කෙරුණි .

ඉන්පසුව ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .

 



Recommended Articles