මැලේසියාවේ සිට ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද දින සවස 2.08 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර නීරෝධායන කටයුතු සදහා පිටත් කර තිබේ .

 



Recommended Articles