මැරකල්ලි අතින් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටුවිය යුතුයි


වෛරය පැතිරවීමට සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

"නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles