මැයි රැළිවලට ඩ්‍රෝන භාවිත කරනවානම් අවසර ගන්න


මැයි දින රැළි හා පෙළපාලි ආවරණය කිරිමට ඩ්‍රෝන යානා භාවිත කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මූලස්ථානය කියයි.

අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කිරිම නිති විරෝධි බවත් ඒ අනුව එසේ සිදුකරන තැනැන්තන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මූලස්ථානය පවසයි.

එසේම දිවයින පුරා පැවැත්වෙන මැයි රැළි වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය අදාළ බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.



Recommended Articles