මැයි මස 22, 23 හා 24 සියලුම සුරාසැල් වසයි


ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 22 දා සිට 24 යන තෙදින තුළ සියලුම සුරා සැල් වසා තැබීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සුරසැල් වසා තැබීමට අමතරව සත්ව ඝාතන සිදුකරන ස්ථාන හා මස් හා මාංශ අලෙව් කරන ස්ථානද වසා තැබීමට නියමිතය.

ජාතික වෙසක් සතිය මැයි 21 දා සිට 27 දා දක්වා මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles