මැයි 18 දමිල ජනතාව සමූහ ඝාතනය කිරීම අනුස්මරණ දිනය ලෙස කැනඩාව නම් කරයි


මැයි 18 දා දමිල ජනතාව සමූහ ඝාතනය කිරීම අනුස්මරණය කිරිමේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික සම්භවයක් ඇති කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රි ගැරී ආනන්දසංගිරී මහතා කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වීම හේතුවෙන් මෙසේ මැයි 18 කැනඩාව තුළ දමිල ජාතිකයන් සමූහ ඝාතනය කිරීමේ දිනය ලෙස සැමරීමට කටයුතු කරනු ඇත.

ශ්‍රි ලංකාවේ යුදමය කාලසීමාව තුළ මිය ගිය දමිල ජනතාව සැමරීම වෙනුවෙන් මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

 



Recommended Articles