මැයි 09 ප්‍රචණ්ඩත්වයට 1500ක් අත්අඩංගුවට


මැයි 09දා දිවයින පුරා ඇතිවූ  ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය පවත්වන විමර්ශනවලට අදාළව මේ වන විට  පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ පුද්ගලයන් අතරින් 677ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද ඔහු පැවැසීය. මේ වන විට එදින සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිල් 844ක් ලැබි ඇති බවද ඔහු පැවැසීය.

එසේම ඊයේ දිනයේදී පුද්ගලයන් 152ක් අත්අඩංගුවට ගත් බවත් එයින් 101ක් ඇප මත නිදහස් කළ බවත් 39ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles