මැදපෙරදිග කලාපයේ ඇතිවෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඒම කලාපයේ ජීවත් වන සහ සේවය කරන
මිලියනයක් පමණ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
මේ අනුව ඒම කලාපයේ සිටින ලාංකිකයන්ට දැඩි සුපරීක්ෂාකාරීත්වයක් අනුගමනය කරන ලෙසත් විශේෂයෙන්,
§ සිටින රටේ විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ නිල නිවේදන නිරීක්ෂණය කරන්න.
§ අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම් වලින් වළකින්න.
§ ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ නිතිපතා සම්බන්ධතා පවත්වන්න.
§ ජංගම දුරකථන ආරෝපණය කර තබා ගන්න සහ සෑම විටම වලංගු හැඳුනුම්පත් ලේඛන රැගෙන යන්න යන ක්‍රියාමාර්ග
අනුගමනය කරන ලෙස දන්වා සිටියි.
අවශ්‍ය අවස්ථාවන්හිදී සහාය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා
ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රිය කර ඇති බවත් ශ්‍රී ලංකාවේ පවුල් සඳහා විමසීම් සඳහා පහත සඳහන් පැය
24 පුරාම ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ද ස්ථාපිත කර ඇත:
කොන්සියුලර් කටයුතු අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය: +94742595546

