මැදපෙරදිග සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද දින අලුයම 12.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ සමගම අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 16 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අද දින අලුයම 5.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී , නවලෝක , ලංකා සහ ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබුණි .

ඉන්පසුව මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබුණි .

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් තිදෙනකු තම පෞද්ගලික ගුවන් යානයකින් ඊයේ  දින සවස 4.00 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles