මැදපෙරදිග සිට තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට


මැදපෙරදිග රටවල් 02ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු අද (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින අලුයම 2.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු අද දින අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

මොවුන් සියලු දෙනා ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , පෞද්ගලික සංචාරක හෝටල් වල නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .



Recommended Articles