මැදපෙරදිග සහ යුරෝපයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත 12/01 දින අලුයම , ගුවන් යානා 04 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 49 දෙනෙකු ද , ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට 05 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට ගුවන් යානා 02 කින් 36 දෙනෙකු සහ 59 දෙනෙකු වශයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණීමෙන් පසුව කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles