මැදපෙරදිග සහ මාලේ සිට ලාංකිකයින් 655 දෙනෙක් දිවයිනට


මැදපෙරදිග රටවල් 03 ක රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 655 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 

ඒ අනුව සෞදි අරාබියේ රැකියා සදහා ගොස් විවිධ කරදර වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු , ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ රියාද් නුවර සිට අද දින අලුයම රැගෙන විත් තිබේ .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායන කටයුතු සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .

ඊට අමතරව රජයේ විශේෂ අවසරය මත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් යානා දෙකකින් 111 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානා දෙකකින්  191 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 60 දෙනෙකු ද , අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් සියලු දෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles