මැදපෙරදිග සහ තවත් ආසියානු රටවල සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


විදේශ රැකියා සදහා ගොස්  යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු 11/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව විදේශ රටවල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු ඉන්චියොන් සිට පැමිණි ගුවන් යානයකින් 11/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

මොවුන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ ගුවන් තොටුපළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළ දී සිදු කර , නීරෝධායන කටයුතු සදහා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත මොවුන් රැගෙන ගොස් තිබේ .

ඊට අමතරව රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් රජයේ විශේෂ අවසරය මත ගෙන්වා ගැනීම යටතේ තවත් ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු 11/30 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා සිට 21 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 53 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර , සංචාරක හෝටල් වෙත නීරෝධායනය සදහා යොමු කර තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles