මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 76 දෙනෙකු ද , එරට අබුඩාබි සිට 42 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 96 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි සිට 53 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු 11/28 කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 05 කින් පැමිණ තිබුණි .

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ .

සෞදි අරාබිය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් 11/28 දින පිටත්ව යෑමට නියමිත බව ප්‍රකාශ වුවද එවන් පිරිසක් මේ දක්වා එරට බලා පිටත්ව ගොස් නොමැත .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles