මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව අද දින අලුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට  අද දින අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු රැගෙන අද දින අලුයම 4.45 ට චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගෙන දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානය අද දින අලුයම 6.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමට ආසිරි , නවලෝක සහ ලංකා යන කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් වල කාර්යය මණ්ඩල පැමිණ සිටි අතර , ඉන්පසුව මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි.

 



Recommended Articles