මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 371 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 362 දෙනෙකු රැගෙන ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන විශේෂ  ගුවන් යානය අද දින අලුයම 2.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්දියාවේ චෙන්නායි සිට අද දින අලුයම 4.50 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .



Recommended Articles