මැදගමින් හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


බිබිල-මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ගම්මානයෙන් ඊයේ (16) කොවිඩ් 19 රෝගීන් නවදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  තුසිත අත්තනායක මහතා පැවසීය.

ගෙවීගිය සතිය තුළ ගොඩිගමුව ගම්මානයෙන් කොවිඩ් 19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන අතර මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයයෙන් ගෙවීගිය කාලය තුළ හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 61 කි.

දැනට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 548 කි.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles