මැද පෙරදිගදී ඝාතනය කළ එකම පවුලේ 3කගේ මළ සිරුරු දිවයිනට


මැද පෙරදිග සේවය කරමින් සිටියදී, ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

 මොවුන් කැළණිය, බියගම පාරේ, පන්සල අසළ  ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු වෙයි.

මෙම තිදෙනා දරුණු අයුරින් තියුණු ආයුධවලින් පහරදී, පසුව ගෙළ සිඳ මරා දමා ඇති බව මළ සිරුරු සමඟ තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ. මෙසේ ඝාතනය කර ඇත්තේ පියා (59), මව (55) හා දියණිය (34) ක් වන පුද්ගලයන් තිදෙනෙකි.

ඔවුන්ගේ මළ සිරුරු 7/07  දින උදෑසන 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මෙම ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

අනෙක් මළ සිරුරු 04  වෙනත් ස්වභාවික හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය. මේ වනවිට මෙම මළ සිරුරු 03 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

 



Recommended Articles