මැතිවරණයට පාසල් නිවාඩු


දැනට අධ්‍යන කටයුතු ආරම්භ කර ඇති ශ්‍රේණි තුනට අදාළව දිවයිනේ සියලුම රජයේ පාසල් මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (29දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබීමට නියමිතය. මේ වන විට 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කර තිබේ.

 



Recommended Articles