මැතිවරණයට අදාළ පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද ? තීන්දුව හෙට


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු​ව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

ඒ එම මුලික පෙත්සම් විභාගය අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා ​මේ බව ප්‍රකාශ කර සිටියා.

 



Recommended Articles