මැතිවරණ වියදම් නියාමන පනතට කථානායක සහතිකය


පාර්ලිමේන්තුවේදී පසුගියදා විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා සිය  සහතිකය පසුගියදා (24දා) සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ 2023 අංක 3 දරන  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ.



Recommended Articles