මැතිවරණ පැමිණිලි 2084ක්


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (06දා) පස්වරු 4.00 වන විට මැතිවරණ පැමිණිලි 2084ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පිළිබඳව පැමිණිලි 2083ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ එක් පැමිණිල්ලක් වශයෙනි.

05 දා පස්වරු 4.00 සිට 06 දා පස්වරු 4.00 දක්වා වන පැය 24 ක කාලයේදී මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී තිබේ.



Recommended Articles