මැතිවරණ නීති සංශෝධනයට යෝජනා ඉල්ලයි


දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මේ ගැන උනන්දුවක් දක්වන මහජනතාව,දේශපාලන පක්ෂ ,සංවිධාන සහ ඕනෑම පාර්ශවයකට එම අදහස් හා යෝජනා  මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කොමිෂන් සභාව වෙත තැපෑලෙන් හෝ  එහි [email protected] යන   විද්‍යුත් ලිපිනයට හෝ එවිය හැකි බව  කොමිසම කියයි.

 මේ  එවන තොරතුරු රහස්‍ය ලෙස සලකා කටයුතු කරන බවද එම කොමිෂන් සභාව පවසයි.



Recommended Articles