මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට


මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපේක්ෂකයන් 07දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔහු මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 3ක් ඇතුළු රථවාහන 124 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.



Recommended Articles