මැතිවරණ තියෙන්නේ කල් දාන්න නෙමෙයි


මැතිවරණ තිබෙනුයේ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ අනුව මැතිවරණ කල් නොදමා පැවැත්විය යුතුය යන ස්ථාවරයේ තම පක්‍ෂය සිටින බව අද (21දා) පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම සඳහන් කළේය. 

ප්‍රශ්නය - ඡන්දය කල් දාන එක ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? 

පිළිතුර - ඡන්දය කල් දානවලු. කොහේද ඡන්දය කල් දාලා තියෙන්නේ? 

ප්‍රශ්නය - මේ ඡන්දය කල් දැමීමට දරන උත්සාහය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? 

පිළිතුර - ඡන්ද කල් දාන්න ඕන නෑ. ඡන්ද තියන්න ඕන කියලා තමයි අපි කියන්නේ. මැතිවරණ තියෙන්නේ තියන්න. කල් දාන්න නෙවෙයි. 

 



Recommended Articles