මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්


ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2021 වසරේ ජුනි 01 වන දිනට සාමාන්‍ය පදිංචිය පමණක් ප්‍රමාණවත් වන අතර දේපල අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බවට මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි.



Recommended Articles