මැණික්හින්න රෝහලේ ගැටුම ගැන පරික්ෂණයක්


මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගියකු ඇතුළත් කළ බව කියන අවස්ථාවේදි රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරිමට පැමිණි පිරිස අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අදාළ බලධාරින්ට දැනුම් දුන්නේය.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින්වෙත උපදෙස් ලබා දෙමින් කියා සිටියේ කඩිනම්ව සිද්ධීය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර තමන් වෙත වහාම වාර්තාවක් ලබා දෙන ලෙසය.


Recommended Articles