මැකොට විමල්ගෙන් තවත් ප්‍රහාරයක්


මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණීම අඩුකිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂම කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මැතිවරණ කොමිෂම බලාගෙන ඉන්නේ මිනිස්සු ඡන්දය දාන එක අඩු කරන්න. යුරෝපා රටවල තානාපති කාර්යාල විසින් මැතිවරණ කොමිෂමට ලැබිලා තියෙන කොන්ත්‍රාත්තුව තමයි හැකිතාක් ඡන්දය දාන්න එන අය අඩුකරන්න. මේ කොමිෂම දැන් එක එක කලිසම් ඇඳගෙන එක එක නාඩගමන් නට නට ඉන්නේ.”

 



Recommended Articles