මාස දෙකේ බිළිදෙකු මවුකිරි හිරවි මියයයි


මවුකිරි උගුරේ හිර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මාස දෙකක බිළිදෙකු 17 දා මියගොස් තිබේ.

යාපනයේ අරාලි දකුණ ප‍්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ සිට දරුවාට කිරි දෙමින් සිටියදී දරුවා එක්වරම ක්ලාන්ත වී තිබේ.

පසුව වහාම එම දරුවා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද නමුත් එම බිළිදා මියගොස් තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වා ගෙන යයි.



Recommended Articles