මාස 6කට පසුව ඉතාලියේ පාසැල් අද ඇරඹෙයි


කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස මුල් සතියේ සිට වසා දමා තිබු ඉතාලියේ පාසැල් මාස 6කට පසුව අද 14 දිනයේ නව පාසැල් වර්ෂය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් හා මග පෙන්වීම යටතේ විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 වසංගතය ඉතාලිය තුල තවමත් නිසි ලෙස පාලනය නොවන තත්වයක් තුල රජය පාසැල් ඇරඹීම තුලින් සිසු දරුවන් බරපතල අවදානමක හෙළන බව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් චෝදනා කරමින් සිටි.

ඊයේ  (13)  ඉතාලියේ PCR  පරික්ෂණ 72,143 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,458 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (13)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 7 ක් වාර්තා වි තිබේ.

ඊයේ (13)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,610 ක් සමස්ත ආසාදිතයන් 287,753ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

චන්දන ප්‍රනාන්දු 

 

 



Recommended Articles