මාස 6කට පසු සංචාරකයන් 50,000ක් මේ මාසයේ දී ඇවිත්


මසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නොවැම්බර් 01දා සිට 27දා දක්වා කාලය තුළ සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ.

පසුගිය අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණීමෙන් පසු 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ.

සංචාරක කර්මාන්තයේ යළි පිබිදීමක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.



Recommended Articles